Monday 5 September 2022

Article Of Arduino

 අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මෙය නිර්මණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් වන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රොග්‍රමින් පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි.Arduino යනු නිදහස් මූලාශ්‍ර පරිගණක දෘඩාංග හා මෘදුකාංග සමාගමක්ය, මෙය තනි පුවරු ක්ෂුද්‍ර පාලක කට්ටල නිර්මාණය සහ නිෂ්පාදනය කරයි. එමගින් භෞතික ලෝකය තුල වස්තූන් හා පාරිසරික වෙනස්කම්තු සංවේදක මගින් හදුනාගෙන ඒවා පාලනය කිරීමට හැකි ඩිජිටල් උපාංග සහ අන්තර්ක්‍රියාකාරී වස්තූන් තැනීම සඳහා සහය ලබා දේ. GNU පොදු බලපත්‍ර (LGPL) යටතේ හෝ GNU General Public License (GPL) යටතේ අවසර ලබා දී ඇති නිදහස් මෘදුකාංග හා දෘඪාංග ලෙස මෙම වයාපෘතිෙය් නිෂ්පාදන බෙදා හැරේ. Arduino පුවරු වාණිජමය ආකාරයෙන් ලබා ගත හැකි වන අතර, බොහෝ උපංග ශ්‍රී ලාංකීය වෙළදසැල්වලදී මිලදී ගැනීමට පහසුකම් ඇත.


No comments:

Post a Comment

ICT සමාජයේ මාසික සැසිය

  2023/03/23