Monday 5 September 2022

සසම්භාවී ප්‍රවේශ මතකය ගැන දැනගමු

 සසම්භාවී-ප්‍රවේශ මතකය (Random­access memory - RAM /ram/රැම්) යනු ධාවනය වෙමින් පවතින වැඩසටහන් (ක්‍රමලේඛ) හා සිදුකරමින් සිටින ක්‍රියාවලීන්ට අවශ්‍ය දත්ත තාවකාලිකව රඳවා තබා ගැනීමට භාවිතා කරන පරිගණක දත්ත ගබඩා ආකාරයකි. පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේ දත්ත හා උපදෙස් තාවකාලීකව ත්නපත් කර ගනු ලබන්නේ රැම් එක මගිනි

සසම්භාවී-ප්‍රවේශ උපාංගයක් විසින් ඕනෑම ගබඩා පරිස්ථානයක ගබඩා කර ඇති දත්ත ප්‍රවේශනය කිරීමේදී බොහෝ ලෙසින් එක සමාන කාල සීමාවක් ගත කරන බැවින්, දත්ත ප්‍රවේශනය කිරීම විගසින් හා ඕනෑම සසම්භාවී ආකාරයකට සිදු කල හැකි වෙයි.සසම්භාවී මතක උපාංග වල දත්ත වල භෞතික පිහිටීම (මතකය තුළ දත්ත පිහිටන ස්ථානය) නොසලකන බැවින් විවිධ ස්ථාන වල පිහිටියද දත්ත වෙත ප්‍රවේශ වීමට ගත වනුයේ එකම කාලයකි. රැම් එක තුළ ඇති දත්ත හා තොරතුරු වලට ඉතා ඉක්මනින් හා ඕනෑම අයුරකින්,එනම් නිශ්චිත අනුපිළිවෙල කින් තොරව පිවිසිය හැක.


මීට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දරන අනුක්‍රමික ප්‍රවේශ මතකය දෘඩ තැටි, සංගත තැටි, සංඛ්‍යංක බහුවිධ තැටි වැනි ආචයන මාධ්‍ය වල දැකිය හැක.සාමාන්‍යයෙන් රැම් ආකාරයේ මතකයක් පරිගණක චිප (Computer chips) තුළ පවතී.රැම් එකෙහි අන්තර්ගතයන් (ගබඩා වී ඇති දත්ත/තොරතුරු/උපදෙස්) වෙත වෙනත් ආකාරයේ තොරතුරු ගබඩා වලට වඩා වේගයෙන් ප්‍රවේශ විය හැකි නමුත් මෙහි ඇති වාෂ්පශීලී ගතිගුණය (Volatile) නිසා පරිගණකය ක්‍රියාවිරහිත වූ විට ගබඩා වී තිබූ අන්තර්ගතයන් මැකී යයි.මහත් පරිශ්‍රමයන් දරා වාෂ්පශීලී නොවන සසම්භාවී-ප්‍රවේශ මතකයන් (Non-volatile random-access memories (NVRAMs)) ද නිපදවා දියුණු කර ඇති අතර[1] මිල අධික හා සාපේක්ෂව අවම වේගයකින් ක්‍රියා කරන බැවින් ඒවා භාවිතය අවමය. අනුකලිත පරිපථ රැම් චිප 1970 දශකයේ මුල භාගයේදී වෙළඳපළට පැමිණියේ 1970 ඔක්තෝම්බර් මස හඳුන්වා දුන් වාණිජමය වටිනාකමකින් යුත් පළමු ඩී-රැම් චිපය වන Intel 1103 සමගය. [2] සාමාන්‍යයෙන් “රැම්“ යන්න ඝන අවස්ථා (solid-state) මතක උපාංග (ඩීරැම් හෝ එස්රැම්) හැඳින්වීමටද, බොහෝවිට පරිගණකයක ප්‍රධාන මතකය හැඳින් වීමටද යොදාගනී. ප්‍රකාශ ආචයන(optical storage)යේදී සංඛ්‍යාංක බහුවිධ තැටි (ඩීවීඩී) හැඳින්වීමට “ඩීවීඩී-රැම්“ යන්න භාවිත වුවද එය නොගැළපෙන අවභාවිතයකි. මන්දයත් මකා ලිවියහැකි සීඩී හෝ ඩීවීඩී(CD-RW or DVD-RW) වල මෙන් නැවත භාවිතයට පෙර මකාදැමීම රැම් භාවිතයේදී අනවශ්‍ය නිසාය.

No comments:

Post a Comment

ICT සමාජයේ මාසික සැසිය

  2023/03/23