Tuesday 6 September 2022

උබුන්ටු (පරිගණක මෙහෙයුම් පද්ධතිය)

 උබුන්ටු (උසුරුවනුයේ /ʊˈbʊntuː/) යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත.

දකුණු අප්‍රිකානු උබුන්ටු("ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්") දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත.[6] විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී.[7] අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක්[8][9] පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණක [10]භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ගොඩනැගීම සඳහා මෘදුකාංග පැකේජ බොහොමයක් භාවිතා කර ඇති අතර ඉන් බහුතරය නිදහස් මෘදුකාංග බලපත්‍රයක් ( නිදහස් මූලාශ්‍ර ලෙසද හඳුන්වයි)යට‍තේ බෙදාහැරි මෘදුකාංග වේ. එහිදී ප්‍රධාන වශයෙන්ම GNU General Public License (GNU GPL) බලපත්‍රය සමග GNU Lesser General Public License (GNU LGPL) භාවිතා කර ඇත. එම බලපත්‍ර මගින් පරිශීලකයන් හට මෙම මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ, පිටපත් කිරීමේ, බෙදාහැරීමේ, ගවේශනයේ, වෙනස් කිරීමේ හා ගොඩනැගීමේ අයිතිය පැහැදිලිවම ලබා දී ඇත. උබුන්ටු සඳහා දකුණු අප්‍රිකානු ව්‍යාපාරිකයකු වන මාර්ක් ෂට්ල්වර්ත් ට අයත් කැනොනිකල් ලිමිටඩ් යන එංගලන්ත ආයතනය අනුග්‍රහය දක්වයි. එකී කැනොනිකල් ලිමිටඩ් ආයතනය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සඳහා තාක්ෂණික අවශ්‍යතාවයන් සහ සේවා සැපයීම මගින් ආදායම් ලබයි.

එසේම තවත් උබුන්ටු ව්‍යුත්පන්නයන් තුනක් සඳහා කැනොනිකල් ආයතනයේ අනුමැතිය හා සේවාවන් ලබාදේ: කුබුන්ටුඑඩියුබුන්ටු (උබුන්ටු අධ්‍යාපනික සංස්කරණය ලෙසද මෙය හඳුන්වයි) සහ උබුන්ටු සර්වර් සංස්කරණය. ඊට අමතරව ස්වභාෂිත සහ සමහර දෘ‍ඪාංග සඳහා සුවිශේෂිත වූ මෙහෙයුම් පද්ධති ඇතුළු තවත් ව්‍යුත්පන්නයන් කිහිපයක්ම පවතී.[11]

කැනොනිකල් ආයතනය සෑම මාස හයකට වරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත් කරනු ලබන අතර මාස දහඅටක් ගතවන තුරු ආරක්ෂක ප්‍රතිස්ථාපනයන්, ක්‍රමලේඛයක, පද්ධතියක හෝ වැඩසටහනක ඇතිවන අවදානම් සහගත දෝෂ නිවාරණයන් හෝ සුළු නවීකරණයන් ඇතුළු අළුත්වැඩියාවන් සපයමින් සේවා දායකත්වය ලබාදේ. ඊට අමතරව සෑම අවුරුදු දෙකකට වරක්[12] දිගුකාලීන සේවා (දි.කා.සේ.) අනුවාදයක් නිකුත් කරනු ලබන අතර එමගින් ඩෙස්ක්ටොප් සංස්කරණ සඳහා අවුරුදු තුනකටද සර්වර් සංස්කරණ සඳහා අවුරුදු පහකටද සේවාවන් සපයනු ලබයි.[13] උබුන්ටු 10.10 අනුවාදය (මැවෙරික් මීර්කට්), 2010 ඔක්තෝම්බර් මස 10වන දින නිකුත් කරන ලදී. උබුන්ටු නවතම අනුවාදය වන උබුන්ටු 11.10 (ඔනිරික් ඔසිලට්), 2011 ඔක්තෝම්බර් මස 13 වන දින නිකුත් කරන ලදී.



No comments:

Post a Comment

ICT සමාජයේ මාසික සැසිය

  2023/03/23